Header Ads

ගම්මන්පිල විසින් බන්දුලගේ දෙපා වැද සමාව ගනී..

පළාත් පාලන මැතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී පාර්ලිමේන්තකු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර වාදයක් දුරදිග ගොස් ඇත.

එහිදී දැඩිව කෝපයට පත්ව ඇති බන්දුල ගුණවර්ධන මහතා එතැනින් නැගිට යන්නට උත්සාහ දරා ඇති අතර ගම්මන්පිල මහතාද සිය පක්‍ෂයේ අපේක්‍ෂකයන් සදහා ලබා දුන් ඉඩ සම්බන්දයෙන් යම් නොසතුටකින් සිට තිබේ.

කෙසේ වෙත්ත එහි සිටි සෙසු පිරිස් මැදිහත් වී තත්වය පාලනය කිරීමෙන් පසු කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයක් සිදුය ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා නාම යෝජනා කමිටුව ඉදිරියේදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ දෙපා නමැද සිත් රිදවීම ගැන සමාව ඉල්ලා තිබේ.

ගම්මන්පිල මහතා කලකට පෙර බන්දුල ගුණවර්ධන මහතාගේ ආර්ථික විද්‍යා පන්තියේ ගෝලයෙක් ලෙස ඉගෙන ගෙන ඇති නිසා මෙසේ ඔහුගෙන් සමාව ඉල්ලා ඇතැයි එහි සිටි පිරිස් කීහ.

No comments

Powered by Blogger.