Header Ads

කොළඹ මාලිගාවත්තේ ගිහි ජීවිතය අතහැරපු පුංචි 'මොහොමඩ්' 'මාලිගාවත්ත චන්දකිත්ති' නමින් සසුන් ගත වෙයි - Photos

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වු වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අසරණ ගිහි ඉස්ලාම් දරුවෙක් ගිහි ජීවිතය අත හැර සසුන් ගත වීමේ පුවතක්අපට පසුගිය දිනක අරණායකින් වාර්තා වුණා.

ගිහි ජිවිතය අත් හරින ලද මෙම ඉස්ලාම් දරුවා දැනට පැවිදි වී වැඩ සිටින්නේ පුජා වලිය ග්‍රන්ථයේ නිර්මාතෘ බුද්ධ ප්‍රත්‍ර හිමියන් ( මයුරපාද හිමි ) වැඩ වාසය කර ඇති ලංකාවේ තිබෙන එකම ටැම්පිට සංඝාවාසය ඇති මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේයි.


උපතින් ඉස්ලාම් ජාතිකයෙකු වන මෙ දරුවා සසුන්ගත වී මහණ වීමට ප්‍රථම ඔහුගේ ඡන්ම පත්‍රය අනුව නම සඳහන් වන්නේ මොහොමඩ් ඉසඩ්. සමීර් සුවෙර් යනුවෙනුයි.

පියා සහ මවගේ නම් එහි මෙසේ සඳහන්ව වන අන්දමට මව චිත්‍රා ශ්‍රිමති චලිවර් වන අතර වයස අවුරුදු 36 කි. පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් ඔහුට වයස අවුරුදු 33 ක ඉස්ලාම් ජාතික යුවලක් වනවා.
මොරාගම්මන විහාරස්ථානයේ පසුගිය දිනක පැවිදි දිවියට පිවිසෙන මෙ ඉස්ලාම් දරුවා දැන් හදුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනුයි.

අරණායක මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරයට දරුවා ලැබුණු සැටිත් පැවිදි දිවියට පත් වු අකාරයත් මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක් මොටේ ධම්ම රතන නාහිමියන් පැවසූ දේ පහතින්.

"මේ පැවිදි වෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදි ළමයෙක් විදිහට ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි මට කිවේ මේ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා. ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණාට පස්සේ පොල්ගහවෙලට කොළම ඉදන් මේ ගිහි දරුවා උන් වහන්සේ විසින් එක්කරගෙන විත් මට භාර කලා. ඊට පස්සේ එක් කරගෙන ඇවිත් දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කලේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් විහාරස්ථානයට ගිහි කාලයේදිම තමයි යැව්වේ මට මතක හැටියට ඒ 2017 ජුනි මාසයේ ඒ මාසයේදිම තමයි දරුවා මෙහාට ලැබුණේ.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම බොහෝ දිනයන්හිදි මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමැති කියලා. ඉස්ලාම් දරුවෙකු වන නිසාත් මෙ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ විමට අවශ්‍ය නැති බව අපි මෙ පුතණුවන්ට කුඩා කාලයේ කිවත් මේ පුතා නිතරම කිවේ මහණ විමට කැමැති බවයි. ‘‘ මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඕනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා. ඒ නිසා මාව පැවැදි කරවන්න මට පිරිත් කියන්න ඕනෑ ’’"

කියමින් නිරන්තයෙන්ම මෙ දරුවා පිරිවෙන් ගොස් තමන් වහන්සේට පැවසු බව විහාරාධිපති හිමියන් පවසා තිබෙනවා.

"මට මහණ වෙලා බණ කියන්න ඕනෑ කියනවා. දානේ පන්සලට ගෙනත් දෙන අයට පිං වාක්කිය කියන්න දෙන්න කියලා කියනවා. මේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවැදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුනේ දෙමාපියන්ගේ අවසරයෙන්. මේ මහණ කම සිදු කිරිමට මත්තෙන් දෙමාපියන්ටත් අපි කීවා දරුවා පැවැදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. නමුත් ඒ දෙමාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවොත් ඒකට දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුනා. පස්සේ කර ගන්නම දෙයක් නැති තැන සියලූ දෙනාගේම කැමැත්තෙන් මේ දරුවා මහණ වෙනවා. ඒ මහණ වුනේ මාලිගාවත්ත චන්දකිත්ති නමින් අපේ විහාරස්ථානයේ ඔක්තොම්බර් 27 වැනිදා උදේ 6.24 ට. මහණ දම් පුරන මේ දරුවා අද හොඳ ආදර්ශමත් භික්ෂු චරිතයක්.

කෑගලූ දිසාවේ ප්‍රධාන සංඝනායක වරාපිටියේ රතනසාර හිමිපාණන් ඇතුළු  ශාස්ත්‍රපති පණ්ඩිත පුවක් මොටේ ධම්මාරාම උපාධියන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රාදේශිය මහා සංඝරත්නය දායක සභාවේ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් අප විහාරස්ථානයේදි මහණ වෙනවා. එහිදි මේ මහණ කම සිද්ධ වෙන්නේ මාගේ තනි තීරණයකින් නොවෙයි මෙ සියලූ දෙනාගේ ආශිර්වාදයෙන්."

නමුත් මේ මහණ පිංකම සඳහා දැනට මහණ වෙලා ඉන්න පොඩි හාමුදුරුවන්ගේ මව පැමිණෙන අතර පියා පැමිණියේ නැහැ. ඔහු ඒ දින වල අසණිප තත්වයේ හිටියා කියලා දැන ගන්න ලැබුණා. මෙ මහණ පිංකම වෙනුවෙන් පොඩි හාමුදුරුවන්ගේ කිසිම ඥාතියෙක් සහභාගි වුනේ නැති බවද විහාරාධිපති හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

විහාරාධිපති හිමියන්ගේ බසට අවනතව සුවිච කීකරු ගෝලයෙකු මෙන් හිමියන් එහි වැඩ වාසය කරන විට මේ හිමිපාණන් වහන්සේගේ තිබෙන හැකියාවන් සහ වෙනත් හිමිවරුන්ට වඩා තිබෙන ගති ලක්ෂණ සම්බන්ධයෙන්ද අප වාර්තාකරු විහාරාධිපති හිමිපාණන් වහන්සේගෙන් විමසු විට උන්වහන්සේ මෙසේ පිළිතුරු දී තිබෙනවා.

"මට හිතෙනවා මේ පොඩි නම හොඳට ඉගෙන ගයි කියලා. මොකද හරි උනන්දුවක් තියෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මා ඇතුළු අපේ පන්සලේ අනික් සාමනේර හිමිවරුන්ද පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයත් හිමියන්ගේ දක්ෂතාවය නිසා ඒ ගමන යන්න උන්වහන්සේට විශාල පිටුවහලක් සපයනවා. පන්සලට ගිහියෙක් ලෙස එනකොට අකුරු ලියන්න බැහැ, කියවන්න බැහැ නමුත් හිමියන්ට දැන් හොඳට ඒ සියල්ල කරන්න පුළුවන් වේලාව බලා ගෙන කියන්න බැරිව හිටියත් දැන් ඒ කටයුතුද ඉතා හොඳින් සිදු කරනවා. පිරිත් කියන්න පුදුම විදිහේ කැමැත්තක් තියෙනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉදලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා. මේ දවස් වල වැඩිපුරම මට පොඩි හාමුදුරුවන්ගෙන් තියෙන කරදරය තමයි පිං වාක්කිය කියලා උපාසක උපාසිකාවන්ට පිං දෙන්න ඕනෑ කියන එක. ඉතින් මම අනික් ගාථා ආදිය හරියට කට පාඩම් කර ගන්නකම් ඒ කටයුතු උන්වහන්සේට කියලා දුන්නේ නැහැ. "

පොඩි හාමුදුරුවන් ගැන විස්තර අහන්න අප වාර්තාකරු එහි පැමිණි බව පැවසු ලොකු හාමුදුරුවෝ උන් වහන්සේගෙන් අවශ්‍ය දෑ අසා දැන ගන්න කියු පසු උන්වහන්සේද ඊට සිය කැමැත්තනේම මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

"මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. මම කොළඹට වඩා මෙ පන්සලේ ඉන්න කැමැතියි. ඒ දවස් වල මාගේ යාළුවෝ තමයි චමිදු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. ඉතින් මම සෙල්ලම් කරන්න ගියාම සමහර දවස් වල ගෙදර තාත්තාගෙන් ගුටි කනවා. වැඩිපුරම මම ගුටි කන්නේ අපේ අම්මාගෙන්. මට හිතෙනවා එහෙම ගුටි කකා ඉන්නවාට වඩා මෙ පන්සලේ ඇවිත් මහණ වුන එක හොඳයි කියලා. "

හාමුදුරුවෝ ගිහි කාලේ ගොඩාක් යාළුවෝ සිංහල අය නේද ? ඇයි මහණ වුනේ ?

ඔව්. අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුරම හිටියේ. මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි. මම පුංචි දවස් වල ඉදන් හාමුදුරුවරුන්ට කැමැතියි මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවරුන් වාගේම පිරිවෙනේ හාමුදුරුවරුත් මට ගොඩාක් කැමැතියි.
පොඩි හාමුදුරුවෝ පවසන පරිදි මව සහ පියා යන දෙදෙනා දෛනිකව සිය කටයුතු කරමින් වියදමට මුදල් සොයා ගන්නා අතර මව නිවාස වල කුලි වැඩ කරන බවද පවසනවා.

පියාද ව්‍යාපාරිකයෙකු වුවත් අග හිඟ කම් වලින් දැඩිව පිඩනයට පත් වි සිටි නිසාම දරුවා පාසල් අධ්‍යාපනයකටවත් යොමු කර නැති මුත් දෙමාපියන් ඉස්ලාම් ආගම ඇදහිම සිදු කලත් බෞද්ධ දර්ශනය කෙරෙහි සිත පැහැදි සිටි බවද දැන ගැනිමට ලැබුණි. ගිහි කාලයේ එක් ඉරිදා දිනක දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන ඒ අවට විහාරස්ථානයකට ගිය මේ ගිහි දරුවාට එතනදිද අධ්‍යාපනය ලබන්නට ආශාවක් ඇති වි තිබෙනවා.
නමුත් දෙමාපියන්ට දරුවා අධ්‍යාපනයට යොමු කර විමට අවශ්‍යතාවයක් නොතිබුණු අතර තම නිවසේ කටයුතු වලටදි දරුවා ප්‍රයෝජනයට ගෙන ඇත. දරුවා කියන විදිහට වැඩිමහල් තවත් පිරිමි දරුවෙකු මේ දෙමාපියන්ට සිටි බවත් ඔහු පියාගේ සහෝදරියකට හදා ගැනිමට කුඩා කාලයේදිම භාර කර ඇති බවද අප වාර්තාකරුට දැන ගැනිමට හැකි වී තිබෙනවා.

එසේ කුඩා හාමුදුරුවන් සමග කථා කරමින් සිටින අතරතුර විහාරස්ථානයේ නායක හිමියන් මෙසේද පැවසුවා.

"දැන් පොඩි හාමුදුරුවෝ අවදි වෙන්නේ පාන්දර 5.30 ට ඒ කරලා ටික වේලාවකින් පොත පතේ වැඩ කරනවා. විහාරස්ථානයේ දායක දායිකාවන් සමගත් හොඳින් ඇසුරුක් පවත්වාගෙන යන අතර ඉතා දක්ෂ ලෙස තම කටයුතු කරනවා. සෑම දෙයක්ම හොඳින් මතකයි. කට පාඩමින් බොහෝ දේවල් කියනවා. ගාථා කිහිප වතාවක් සඡ්ජායනා කරපුවාම පොඩි හාමුදුරුවෝ ඒවා කට පාඩමින් කියනවා. වැඩිපුරම බණ කියන්න කැමැතියි "යැයිද උන්වහන්සේ සිනා මුසු මුහුණින් පැවසිය.

ඉස්ලාම් දරුවෙකු මහණ වුනා කියලා ප්‍රශ්න ඇති වුනේ නැද්ද අපේ හාමුදුරුවනේ ?


අනේ මහත්තයෝ ප්‍රශ්න ඒ අයගේ පවුලේ උදවියට ඇති වෙලා තියෙනවා. ඉතින් දරුවාගේ කැමැත්ත අනුව සිද්ධ වුනු පැවිද්දක් දරුවෙක් බලපෑම් කරලා මහණ දම් පුරවන්න බැහැ. මේ පොඩි හාමුදුරුවෝ අකමැත්තෙන් මහණ වුනා නම් දැන් උනත් ඕනෑ කෙනෙක් ඉදිරිපිට උන්වහන්සේ ඇත්ත කියාවි. බුදුන්ගේ දවස දඹදිවත් විවිධ ආගම් වලට අයත් විවිධ කුල වලට අයත් ධර්මය ගැන පැහැදිලා මහණ දම් පිරුවා. සෑම මිනිහෙකුට නිදහසේ තමන් කැමැති ආගමක් සහ තමන් කැමැති ඇදහිල්ලක් සිදු කරන්න අවස්ථාව තිබිය යුතුයි. මෙ පොඩි හාමුදුරුවෝ අද බෞද්ධ ධර්මය වැලඳ ගත් නමුත් මෙ අයගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙක්ම ඉස්ලාම් ධර්මය තමයි අදහන්නේ. අන්න ඒ නිසා අපි අදහන ආගම කුමක් වුවත් මෙ ගැන අවබෝධයකින් කටයුතු කිරිම මගින් ප්‍රශ්න ගැටළු ඇති වෙන්නේ නැහැ. පසුගිය කාලයේදි අපි මාධ්‍ය හරහා දැක්කා දිඹුලාගල විහාරස්ථානයකත් ඉස්ලාම් දරුවෙකු මහණ වුවා. ඊට පස්සේ මෑත කාලයේ මෙ වාගේ සිද්ධියක් වුනේ අපේ පන්සලේ වෙන්න ඇති මේ රජයේ පරමාර්තයත් සහජීවනය සාමය ඇති කරන්න එහෙම නම් මෙක රටට හොඳ ආදර්ශයක් සපයයි නේද ?

No comments

Powered by Blogger.