Header Ads

මාලයක් කඩාගෙන ගිය හොරු දෙන්නෙකුට තරුණයෝ පිරිසක් කරපු දේ – (Video)

කාන්තාවන්ගේ ගෙළ බැඳි මාල කඩාගෙන යන පුද්ගලයන් දෙදෙනෙකු ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දින 7 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන් බවයි පොලීසිය පවසන්නේ. මේ පසුගියදා මෝදර ප‍්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැඳි මාලයක් කඩාගෙන යන CCTV දර්ශනයි. මෙම සැකකරුවන් දෙදෙනා කාලයක සිට මෙලෙස සොරකම් වන නිරත වි ඇති බවට පසුව අනාවරණය වි තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය බදාදා තරුණියකගේ මාලයක් කඩාගෙන පලාගියා. එය දුටු ඒ අසළින් ගමන්ගත් වෑන්රථයක සිටි පිරිසක් සැකකරුවන් පසුපස හඹාගියේ මෙලෙසින්.

ඔවුන්ට මාර්ගයේ ගමන්කළ පිරිසගේද සහය හිමිවුණා. ඒ අනුව වෑන්රථය සමඟ තවත් ති‍්‍රරෝද රථයක් යතුරුපැදිය පසුපස හඹාගොස් සැකකරුවන් අල්ලා ගැනුණේ තොටලඟ මහවත්ත ප‍්‍රදේශයේ පිහිටි කනත්ත අසළදීයි. සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදි අනාවරණය වි ඇත්තේ මේ වනව්ට ඔවුන් රන්මාල කඩාගැනීම් 15 කට සහ නිවාස බිඳුම් 5 කට සම්බන්ධ බවයි. තිහාරිය ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සමාජශාලා සූදු කී‍්‍රඩාවන්ට ඇබ්බැහිවුවෙකු වන අතර මාල කඩාගන්නා අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසනවා.පොලිසිය පැවසුවේ එම සැකකරුට දිනකට මත්ද්‍රව්‍ය සදහා රුපියල් 15,000 ක් අවශ්‍ය බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.අදාල වීඩියෝව පහතින් නරඹන්න

No comments

Powered by Blogger.