Header Ads

වැඩිමහල් කාන්තාවක් සමග අසම්මත පෙමක පැටළුණු තරුණයෙකුට අත්වූ ඉරණම

"ලිංගික ඇසුරක් පවත්වන්නට පෙර දහ පාරක් හිතන්න"

"මට පෙම්වතියකගේ අවශ්‍යතාවයක් දැනුනේ නැහැ"

අසීමාන්තිකව ආශාවට ඉඩදෙමින් තහංචි බිඳිමින් ශෘංගාර කලාපයන්ට ඇතුලත් වීමෙන් මුහුණ දෙන අවදානම් කලාපයන්ද බොහෝමයි.

මේ අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මගින් ඉතිරිවන සතුටේ වින්දනයේ අවසානය සමාජ රෝගයි. ලිංගාශ්‍රිතව හට ගන්නා රෝගයි.

ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනය "Room No 33" වැඩසටහනයි.


එම වැඩසටහනේ පළමු කථාංගය මෙසේ දිගහැරෙනවා.

තරුණයෙක් වුනහම තරුණියකට වඩා හුඟක් වෙනස්. විසේකාරයි ඒ වගේම හිතුවක්කාරයි.  ඊවාන් කියන්නේ අවුරුදු 18ක තරුණයෙක්. ඔහුට මිතුරන් හුඟ දෙනෙක් හිටියා.

ඔහුට හිටියේ සහෝදරියක් විතරයි. ඇය විවාහ වී සැමියා සමග වෙනත් නිවසකට ගිය පසු ඊවාන්ට ඉතිරිවුණේ මිතුරන් පමණයි. ඔවුන් සමග තමයි ඊවාන් හැමදේම බෙදාගත්තෙත්.

දවසක් ඊවාන් හිටපු තට්ටු නිවාසයට කාන්තාවන් දෙදෙනෙක් පැමිනෙනවා. කෙනෙක් තරුණ කෙනෙක් අනෙත් කෙනා මැදි වයසේ කාන්තාවක්.

ඊවාන්ගේ මෙන්ම මිතුරන්ගේද ඇස යන්නේ ඔවුන් දෙදෙනාටයි. දවසක් වැඩිමහල් කාන්තාව ඊවාන්ට කතාකරලා උදව්වක් ඉල්ලනවා. ඒ කාමරයේ විදුලිය නැති නිසා ඒ ගැන පොඩ්ඩක් බලන ලෙස ඉල්ලමිනුයි.

ඔය අතරතුර ඔවුන් දෙදෙනා අනාරක්ෂිතව ලිංගිකව එක්වෙනවා. පසුව ඔවුන් දෙදෙනා හුඟක් කිට්ටුවෙනවා. 

ඔහොම කාලයක් යනකොට ඊවාන් හිටපුගමන්ම ලෙඩ වෙනවා. ඉකිලි ප්‍රදේශය මෙන්ම ඊවාන්ගේ ලිංගයේ තුවාලයක් ඇතිවෙනවා. ඊවාන් මේ සියළු දේම මිතුරන්ගෙන් පවා හංගනවා.

ඊවාන් මොනදේ වුණත් ඒ සම්බන්ධය නැවැත්තුවේ නැහැ. ඇයත් සමග චිත්‍රපට බලන්න , කෑම කන්න , විනෝද වෙනවා වගේම මිතුරන් සමග කාලය ගතකරන්නත් ඊවාන් පුරුදු වෙලා හිටියා.

ඊවාන්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

මෙහි එන නම් ගම් මන:කල්පිතයි

No comments

Powered by Blogger.