Header Ads

බඩගින්නට අඹ ගෙඩි තුනක් කැඩූ වියපත් කතක් පොලිස් කූඩුවේ දමයි..- බැංකු හොරු නිදැල්ලේ.. මරු රටක් බං....

බඩගින්නට අඹ ගෙඩි තුනක් කැඩූ වියපත් කතක් පොලිස් කූඩුවේ දමයි..-  බැංකු කොල්ලකරුවන් නිදැල්ලේ..  ව්‍යාංජනයක් පිස ගැනීම සදහා අසල්වැසි නිවසේ අඹ ගසෙන් ගෙඩි තුනක් කඩා ගත්තේ යයි තමන් පොලිස් අත්අඩංගුවට ගෙන කූඩුවේ දැමුවේ යයි අනුරාධපුර, සාලියපුරයේ කාන්තාවක් පවසන්නීය.

සැමියා හා දරුවාද හැරගොස් තනිව නිවසේ සිටින 64 හැවිරිදි ලලිතා ආනන්ද පවසන්නේ අදාල අඹ ගස හිමියන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු තමන් මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
පසුදා අධිකරණයට ඉදිරිපත් කල තමන් ඇප මත මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත බවත් ඇය සදහන් කරයි.
කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධයෙන් පවස්නේ සමථයකට පත් කර ගැනීමට පැමිණිලි පාර්ශවය අකමැති වීම නිසා අධිකරණයට ඉදිරිපත් කල බවයි.
මෙතරම් බැංකු මංකොල්ල සිදුවන රටේ අඹ ගෙඩි තුනකට තමන් කූඩුවේ දැමීම ගැන කණගාටු වන බවද ඇය පවසන්නීය.

No comments

Powered by Blogger.