Header Ads

මවගේ අනියම් සැමියා නිසා දියණියටත් මවටත් වුණ දේ......

තම අනියම් බිරිඳ හා ඇගේ 18 හැවිරිදි දියණිය කළුතර කැලිඩෝ වෙරළට කැඳවාගෙන විත් රැයක්‌ ගත කළ බව කියන පුද්ගලයකු එම දියණියට අතවර කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු මවට හා දියණියට මන්නයකින් කොටා පලාගොස්‌ ඇතැයි උතුරු කළුතර පොලිසිය කියයි.

මොහු බුලත්සිංහල මහගම ප්‍රදේශයේ අයෙකු බවත්, බාල වයස්‌කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියකට අදාළව මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මොහුට එරෙහිව නඩුවක්‌ විභාග වෙමින් පවතින බවත් බන්ධනාගාර ගතව සිටි මොහු පසුගියදා ඇපමත මුදාහැර ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පළමුව හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 43 හැවිරිදි කාන්තාව හා 18 හැවිරිදි දියණිය පසුව රයිගම ප්‍රදේශයේ පදිංචියට ගොස්‌ ඇති බවත් පෙරේදා (25 දා) මොහු මෙම දෙදෙනා නිවසේ සිට කැඳවාගෙන විත් කන්ද විහාරය ඇතුළු ස්‌ථාන කීපයක්‌ කරාගෙන ගොස්‌ අවසානයේදී කළුතර කැලිඩෝ වෙරළට කැඳවාගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය කියයි.

රාත්‍රියේදී කැලිඩෝ වෙරළේදී සැකකරු දියණියට අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් ඇය ඊට අකමැති වූ විට මන්නයකින් මව හා දියණිය කපා පලාගොස්‌ ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පසුව අලුයම් කාලයේ දියණිය කැලිඩෝ වෙරළට ආසන්නයේ ඇති නිවසකට ගොස්‌ මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු පොලිසියට මේ බව දැනුම්දී ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටි මව හා දියණිය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධියෙන් පසුව පලා ගොස්‌ ඇති බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු කළුතර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත වීරසිංහ, අපරාධ විමර්ශන අංශ ස්‌ථානාධිපති උ.පො.ප. ඩී. එස්‌. හර්ෂ කුමාර, කොස්‌තාපල්වරුන් වන ඩී. කේ. අමරපාල (65947) සහ සැරයන් (10949) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර

No comments

Powered by Blogger.