Header Ads

බඩගින්න නිසා වමනය කල දැරිය ගැබ්ගෙන කියා පාසැලෙන් අස් කරයි.. ගැබ් ගෙන නැතැයි රෝහල කියයි..

ගැබ් ගෙන් ඈති බවට සැකකොට පාසැලෙන් අස්කරන ලද 15 හැවිරිදි දැරියක් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී එම දැරිය ගැබ් ගෙන් නොමැති බවට තහවුරු වී ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානායක මහතා කියා සිටියි.

කැකිරාව ,මඩාටුගම ප්‍රදේශයේ පාසැලකදී ලෝක ළමා දිනය සමරමින් සිටියදී  එනම 02 වෙනි දින මෙම දැරියට  පාසැලේදී වමනය ගොස් ඇත.මේ පිලිබදව ඇගේ යෙහෙලියන් විසින් පන්ති බාර ගුරුවරයා විසින් විදුහල්පතිනිය දැනුවත් කර ඇත.විදුහල්පතිනිය විසින් දැරියගේ දෙමව්පියන් වහාම පාසැලට කැදවා දරුවා කැමැත්තෙන් අස්කර ගන්නා බවට ලිඛිතව  ලිපියකට අත්සන් ලබා ගෙන් අස්වීමේ සහතිකයද ලබාදුන්බව දැරියගේ දෙමව්පියන් කියා සිටිති..

ලෝක ළමා දිනයට සමගාමිව 02 වෙනි දින පැවැත්වෙන් උත්සවයේදී පාසැල් දරුවනට එදින උදැසන ආහාරය ලබදෙන බවට  පාසලෙන් දැනුම්දීම නිසා දරුවන් එදින නිවසින් ආහාරය රැගෙන් විත් නොමැති අතර උත්සවය අවසානයේ පෙරවරු 11.00 ට පමණ ආහාර වෙල ලබාදුන් බව දෙමව්පියෝ කියා සිටිති. කුසගින්නේ සිටි මෙම දැරිය ඇතුළු කීප දෙනකු වමනය කර ඇත.සිද්ධියට සම්බන්ධ දැරිය පිලිබදව විනය  කමිටුවේ එක ගුරුවරයෙකු හා විදුහල්පතිනිය විසින් මෙම තීරණය ගත බවද දෙමව්පියන් කියති.

එදිනම දැරියගේ දෙමව්පියන් විසින් ඇ ය දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදුකල වෛද්‍ය පරීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු ළමා හා කාන්තා කාර්යංශයට හා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට දැනුම්දීමට රෝහල් පාලනාධිකාරය පියවර ගෙන් ඇත.

දැරිය ට ලිංගික අතවරයක් හෝ සිදුව ඇත්දැයි පරික්ෂ කිරීමට විශේසඥ ළමා අධිකරණ වෛද්‍යවරයෙකුට යොමුකර පරික්ෂා කිරිමේදි එසේ සිදුවි නොමැති බව තහවුරු වි ඇති බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසා සිටි.

මෙම දැරියගේ දෙමව්පියන් මඩාටුගම  හැවැන්තැන්නේගම ගම්මානයේ පදිංචි ඉතා දුගිබවෙන් පෙලෙ. මොවුන් දෛනිකව කුගි වැඩඩට ගොස් ජිවිතය සරි කරගනිති.  සමහර දිනක එදිනදා වියදම් සොයා ගැනිමේ අපහසුතාවයෙන් පෙලෙන අතර  දිනකට එක් වේලක් පමණක් ආහාර ගෙන සිටින දවස්ද තිබෙන බව මවි පියන් පවසයි.  දුප්පත්කම  පිලිබදව සැලකිල්ලක් නොදැක්වු තම දියණිය  පාසලේ ඉගෙනුමට මෙන්ම ක්‍රීඩා කටයුතු වලදී විශේස දක්ෂකම් දක්වා ඇති බවද දෙමව්පියන් කියා සිටිති. පසුගිය දිනක පාසලෙ ගුරුවරයකුගේ දැනුම් දිමට අනුව පාසලට ගිය අපට අපේ දියණියට දරුවෙකු ලැබිමට සිටින බවත් පාසලෙන් අස් කිරිමට ප්‍රථම කැමැත්තෙන් අස්කරගෙන යන ලෙස පැවසුවා. අපි දරුවාගෙන් මේ පිලිබදව ඇසුවා දරුවා නැහැයි කිවද විදුහලේ තිර්ණය මත  විදුහල් පතිනිය දරුවාපාසලෙන් අස්කලා අපි දියණිය දඹුල්ල  රොහලට ඇතුල් කලේ ඇත්ත නැත්ත බලන්න එහිදි වෛද්‍යවරු කීවා මෙවැනි දෙයක් සිදුවි නැතිබව . අපිට අපේ දරුවාට උගන්වන්න ඕන දරුවා පාසලට ඇතුලක් කොට එම පාහසුකම් ලැබුණාම ඇතිබව දෙවාපියන් පවසයි. මෙම දෙමාපියන් අධ්‍යාපනය ලබා ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර මව පාසල් නොගිය බවද පියා 2 පංතියට පමණක් පාසල් ගිය බවද ඔවුන් බවසයි.
මෙම දැරියගේ මානසික මටිටම ඉතාම පහල මටිටමක පවතින බවද එනිසා ඇයට මානසික ප්‍රථිකාර ලබාදිම සිදුකිරිම හා ජාතික ළමා ආරක්ෂණ අදිකාරිය දැනුවත්  කොට ඇති බවත් එහි  පරීක්ෂණ කටයුතු අවසන් වනතුරුන දැරිය තවදුරටත් රෝහලේ නේවාසිකව තබා ගෙන් සිටින බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.

– දඹුල්ල විශේෂ

No comments

Powered by Blogger.