Header Ads

විද්‍යා දූෂණය කල වීඩියෝව විදේශිකයෙකුගෙන් අන්තර්ජාලයට

යාපනයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කල සිදුවීම ලාංකීය සමාජය මහත් කම්පනයට පත් කල අතර දින කිහිපයකට පෙර එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 07 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඩුවම නියම කලා.
නඩුවේදී අනාවරණය වූ පරිදි විද්‍යා සිසුවිය ඝාතනය කර ඇත්තේ ඇයව දූෂණය කරන ආකාරය සහ ඝාතනය කරන ආකාරය වීඩියෝ ගත කර විදේශිකයෙකුට අලෙවි කිරීමේ අරමුණ සහිතවයි. මෙම වීඩියෝව “ස්විස් කුමාර්” නමැත්තා විසින් අදාළ විදේශිකයාට අලෙවි කර ඇති බවට වාර්තා වනවා.
අන්තර්ජාලයේ ගැඹුරු ජාලය (deep web) සහ අදුරු ජාලය(Dark Web)  හී මෙම වීඩියෝව සංසරණය වන බවට අපට වාර්තා වී තිබෙන නමුත් එය තවමත් තහවුරු වී නැත.
විවිධාකාර මානසික ආබාධයන් සහිත විකෘති මිනිසුන් එක්ව නිර්මාණය කල ඇති මෙම වෙබ් කලාපයන්ට සාමාන්‍ය පුද්ගලයින්ට ඇතුලු විය නොහැකි වන ලෙස දැඩි ආරක්ෂාවක් සහිතව ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් මෙම වීඩියෝ පටය සාමාන්‍ය අන්තර්ජාලය තුල ඔබට දැකගැනීමට ලැබුණ හොත් වහාම එය පරිඝනක හදිසි ප්‍රතිචාර ඒකකයට දැනුම් දී එම දියණියගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට දායක වන ලෙස අප ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

No comments

Powered by Blogger.