Header Ads

වයස දාහතරේ පාසල් යන දැරියට ගබ්සාවක් කරලා වරද කා අතේදැයි කියන්නත් ලැජ්ජයි

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කර සිටි 14 වැනි වියේ පසුවන පාසල් සිසුවියකට ගබ්සාවක් කර ඇති බව හෙළිවීම නිසා ඊට වගකිව යුතු බව කී ඇගේ එක් කුස උපන් 17 හැවිරිදි අයියා අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
සිසුවිය හදිසියේ උදරාබාධයක් වැලඳීම නිසා රෝගීව රෝහල් ගත කර සිටි අතර පසුව රෝහලේදී ඇගේ රෝග ලක්ෂණ අනුව ඇය දරුගැබක් නැති කර ගැනීමට නීති විරෝධී ගබ්සාවක් කරගෙන ඇති බව හෙළිකරගත් රෝහල් බලධාරීන් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත.

පසුව ඇයගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී ඇය මුල්වරට 2015 වසරේ දිනක් පාසල් ගොස් සවස ගෙදර පැමිණි අවස්ථාවේදී තම අයියා ඇයට බලෙන් අපරාධයක් කළ බවත් පසුව ඔහු විටින් විට තම නැඟණිය හා කායික ඇසුරක් පවත්වා ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති බව කියයි.
පසුව ඇය ගැබිනියක් වූ බව දැනගත් මවුපියන් එය නැති කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිසිය විසින් හෙළිකරගෙන ඇත. පසුව ඇයට අපරාධයක් සිදු කළ ඇගේම අයියා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙසින් කාන්තා හා ළමා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

No comments

Powered by Blogger.