Header Ads

නඩු තීන්දුවට මොහොතකට කලින් තමන්ගේ ඉරණම තීරණය කරගත් සිරකරුවෙක්

 ඇමරිකාවේ ඔහායෝ හි සිදුවුණු සිදුවීමක්. ස්ත්‍රී දුෂණයක් සහ මිනී මැරුම් තුනකට වරදකරු වූ අයෙක් නඩු විභාගයේ තීන්දුව දෙන්න මොහොතකට කළින් සියදිවි නසාගන්නවා.
මේ පුද්ගලයාගේ වයස අවුරුදු 48 යි. 2014 අවුරුද්දේ දවසක වයස අවුරුදු 10 ක දැරියක් දුෂණය කළ මේ පුද්ගලයාව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඇප මත නිදහස්වන ඔහු ඒ නඩු විභාගය ආරම්භ වෙන්න දිනක් තියෙද්දී ඔහු මේ දැරිය ජීවත්වුණු නිවාස ගිනි තියනවා.
මේ ගින්නෙන් මේ දැරිය, ඇයගේ ආච්චි සහ සීයා මිය යනවා. පොලිසිය ඔහුව යළිත් අත්අඩංගුවට ගන්නවා. මේ වතාවේ ඔහුට මරණ දඬුවම් ලැබෙයි කියල හැමෝම විශ්වාස කරන්නේ. නඩු තීන්දුව ලැබෙන්න මොහොතක් තියල ඔහුව යළිත් උසාවි සිර මැදිරියට ගෙන වෙලාවේ ඔහු මහල් පහක උසකින් පැනල මිය යනවා.
වැරැද්ද කරන්න තිබ්බ හිතේ හයිය, වැරැද්දේ දඬුවමට මුහුණ දෙන්න මේ පුද්ගලයට තිබුනේ නැහැ.


No comments

Powered by Blogger.