Header Ads

"ජපන්නු මැරෙන්න යන අත්භූත ඔකිගහරා වනය -

“ඔබගේ ජීවිතය දෙමාපියන්ගෙන් ලද වටිනා තෑග්ගකි. ඔවුන් ගැන සිතන්න. ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ගැන සිතන්න. ඔබ හුදකලාව විදවීමට අවශ්‍ය නොවේ. අවට ඇති ඕනෑම දුරකථන කුටියකින් පහත දුරකථන අංකයට අමතන්න. අප ඔබ වෙනුවෙන් උදව්වට පැමිණෙන්නෙමු.”
මෙන්න මේ වගේ පණිවිඩයක් වනාන්තරයක පිවිසුම් දොරටුවේ සවිකරලා තිබ්බොත් ඔබට මොන වගේ හැඟීමක් ඒවිද ? එත් ජපානයේ සුප්‍රකට ෆුජියාමා කදු පාමුල පිහිටලා තියෙන ඔකිගහරා (Aokigahara)වනාන්තරයේ පිවිසුම් දොරටුවේ එවන් පණිවිඩයක් සඳහන් වෙනවා. ඒ මොකද දන්නවද ?
මේ අත්භූත වනාන්තරයට ඇතුල් වෙන බොහොමයක් ජපන් ජාතිකයින් පැමිණෙන්නේ සියදිවි නසා ගැනීමේ චේතනාවෙන්. ඒක නිසාම තමයි ඔකිගහරා වනාන්තරය සියදිවි නසාගන්නනගේ තෝතැන්නක් එහෙම නැත්තන් සියදිවි නසාගන්නනගේ වනාන්තරය ( Sucide Forest) විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
වර්ග කිලෝමීටර් 30 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම වනාන්තරය අතීතයේ සිටම සියදිවි නසා ගැනීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා. සංඛ්‍යා ලේඛන වල යම් යම් පරස්පරතා තිබුනත් 1988 වර්ෂයේ සිටම සෑම වසරකම දිවි නසාගැනීම් 30 පමණ වාර්තා වෙනවා.
2002 වර්ෂයේ මළ සිරුරු 78 ක්ද 2003 වර්ෂයේ මළ සිරුරු 105 ක්ද සොයාගෙන ඇති මේ වනාන්තරයේ 2010 වර්ෂයේ පුද්ගලයින් 200 අධික සංඛ්‍යාවක් සියදිවි නසා ගැනීමට උත්සහ දරා තිබුනත් 54 දෙනෙකු එයින් අසාර්ථක වූ බවත් සඳහන්.
ජපානයේ මුදල් වර්ෂය අවසන් වන මාර්තු මාසයේ සියදිවි නසාගැනීම් ප්‍රමාණය ඉහළ යන බවයි වාර්තාවන්නේ.
මෙම වනාන්තරය තුල දිවි නසාගන්නන් තම ආත්ම ඝාතනය සඳහා බොහෝ විට යොදාගනු ලබන්නේ කඹයකින් එල්ලීම හෝ මාත්‍රාව ඉක්මවා ඖශධ ලබා ගැනීමයි. වනාන්තරයේ ගස් වැල් පිහිටා ඇති අධික ඝනත්වය නිසා මෙම මළ සිරුරු සොයා ගැනීමට කාලාන්තරයක් ගතවන බව සඳහන්.
මෑතක සිට බලධාරීන් මෙම වනාන්තරය තුල සිදුවෙන දිවි නසාගැනීම් ප්‍රමණය වාර්තා කිරීමෙන් වැලකි සිටින්නේ සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයින් හට එම සංඛ්‍යා උත්තේජනයක් වීම වැලැක්වීමේ අසහසින්.
ඔකිගහරා වනාන්තරය සියදිවි නසාගන්නන් අතර ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත්තේ 1960 වර්ෂයේ ප්‍රකාශයට පත් වුනු Seicho Matusmoto නමැති ජපන් ලේඛකයකුගේ kuroi jukai (Black Sea of Trees ) කෘතිය නිසා බවයි පැවසෙන්නේ.
එමෙන්ම ජපන් මිත්‍යා කතාවල එන “යුරි ” නමැති දුෂ්ට ආත්ම සමඟද මෙම අත්භූත වනාන්තරයට ඇත්තේ සුවිශේෂී සම්බන්ධතාවයකි.

piyasikawuluwa blog

 

















No comments

Powered by Blogger.