Header Ads

මිතුරන් ගසකට නැග බේරෙද්දි වල් ඌරෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු අවසන් ගමන් ගිය හැටි (video)

වල් ඌරෙකුගේ පහරදීමක් හේතුවෙන් උඩුනුවර වෙලම්බඩ ප්‍රෙද්ශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

සිය කුඹුරේ ගොයම් කැපීම අවසන් කර තණ කොළ මිටියක් ද රැගෙන නිවසට එමින් සිටියදී අසල මඩ වළක සිටි ඌරෙකු ඔහුට මෙසේ පහර දී තිබේ.

විනාඩි 20 ක පමණ කාලයක් ඌරා මෙම පුද්ගලයාට පහරදුන් බවත්,එම ස්ථානයේ තවත් දෙදෙනෙකු සිට ඇති බවත් ඔවුන් ගසකට නැග දිවි බේරාගෙන ඇති බවත් වාර්තාවේ.
පහරදීමෙන් පසුත් ඌරා පැය ගණනක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇති අතර අනතුරුව ප්‍රදේශවාසීන් එක්වී ඌරාට පහරදී ඝාතනය කර ඇත.
තුවාල ලැබු පුද්ගලයා බඹරදෙණිය රෝහලට ඇතුලත් කල ද ඔහු පසුව මරණයට පත්ව තිබේ.



No comments

Powered by Blogger.