Header Ads

සැමියා මරා ලේ වැගිරෙන සිරුර ඇඳුම් බෑගයේ දමා ගෙන යන්න හැදූ බිරිඳ මාට්ටු වුණ හැටි - Video

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ බිරිඳක් විසින් සිය සැමියා වෙඩි තබා ඝාතනය කර ගමන් බෑගයක දමා තිබෙනවා. ඇය විසින් BMW රථයකට බෑගය දමන්නට ගිය අවස්ථාවේ අසළ සිටි ත්‍රීවීල් රථ රියදුරන් පිරිස බෑගයෙන් වැගිරෙන ලේ දැක තිබුණා.


ඒ අනුව සැක සිතී මේ බෑගය පරික්ෂා කළ අවස්ථාවේදී ඔවුන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ පුද්ගලයකු ලේ වැගිරෙමින් සිටින ආකාරයයි.

දේශපාලඥවරයකුගේ ඥාති දියණියක වන එම කාන්තාවගේ නිවසේ තිබී පිස්තෝලයක් හමුවී තිබුණා.

මෙම යුවළට දරුවන් දෙදෙනකුද සිටින අතර මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 40 ක් පමණ වනවා.

කෙසේ වෙතත් මේ වන විට ඝාතනය සිදුකළ කාන්තාව පොලිසියට භාර වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.










No comments

Powered by Blogger.