Header Ads

චිත්‍ර ‍පොතක් වුණු ශරීර කූඩුව Body Paint


දුටු පමණින් මේ රූපයේ පෙනෙන්නේ බිකිණි ඇඳුමකින් සැරසී වෙරළේ විවේකී සුවය විඳින තරුණියක් පමණයි. ඒත් එහි ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස්. ඇහැ රවටන මායාවක් වුණු මේ බිකිණිය ශරීර පින්තාරුවක් හෙවත් Body Paint එකක් විතරයි.
මේ රූපවල පෙනී ඉන්නේ ජාත්‍යන්තර කීර්තිය දිනූ ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක වන කැරොලින් වොස්නියාකි. විසිහය හැවිරිදි ටෙනිස් ක්‍රීඩිකාවක වන ඇය Sports Illustrated සඟරාවේ කවරයේ ඡායාරූපය වෙනුවෙනුයි මේ ශරීර පින්තාරුව කරගෙන තිබෙන්නේ. චිත්‍ර ‍පොතක් වගේ ඇඟේ බිකිණිය පින්තාරු කරන්න විතරක් පැය 4 ක කාලයක් ගතවෙලා තිබුණා.
කැරොලින් වොස්නියාකි ජාත්‍යන්තර ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ලෝක මට්ටමේ 19 වැනි ස්ථානයට රැඳී සිටින තැනැත්තිය වෙනවා. නමුත් ඇය වඩාත් ප්‍රසිද්ධ සුන්දරත්වය අතින් සහ ලාලිත්‍යයෙන් ඉහළම තැනක සිටින්නියක් හැටියටයි. මේ ශරීර පින්තාරු ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ඇයට ලැබි ඇති අකාර්ෂණය තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ නිර්වස්ත්‍ර පින්තූර පෙළ ගැනීමට තමන් සහ චිත්‍ර ශිල්පීන්ද, කැමරා ශිල්පීන්ද, පැය 15 ක් පුරා වෙහෙස වුණු බව කැරොලීන් පවසා තිබුණා.
“Sports Illustrated  සඟරාව තමන්ගේ කවරය සරසන්න එකතු කරගන්නේ නිරෝගී, ශක්තිමත් කාන්තාවන් විතරයි. ඉතින් ඒ ගණයේ කෙනෙක් හැටියට මාව තෝරා ගැනීම ගැන මට සතුටුයි. බොඩිපේන්ට් එකකින් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නකොට පුංචි ලැජ්ජාවක් දැනෙනවා තමයි. නමුත් මම හිතන්නේ හැම කාන්තාවක්ම තමන්ගේ ශරීරය ගැන හොඳ විශ්වාසයකින් සිටිය යුතුයි. උස-මහත, මිටි, කළු, සුදු මොන විදියේ කෙනෙක් වුණත් තමන්ගේ ශරීරය ගැන ආත්ම විශ්වාසය තියෙනවා නම් බොඩි පේන්ට් කරන්න බය වෙන්න ඕන නැහැ..” කැරොලින් පවසා තිබුණා. නරකද මේ රස්නය වැඩි කාලයේ මේ වගේ අත්හදා බැලීමක් කළොත්?
සඳමාලි වර්ණසූරිය






No comments

Powered by Blogger.