Header Ads

“මැරෙන්න කලින් මොහොතක් හරි ජීවත් වෙන්න” – සාරංග උමාලි වෙනුවෙන් කල සංවේදී සටහන!


සාරංග දිසාසේකරගේ සහ උමාලි තිලකරත්නගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව මාධ්‍ය ආයතන බොහෝමයක් වාර්තා කලා. ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ තරුන යුවල අතරින් සාරංග සහ උමාලි යනු බොහෝ දෙනෙකුගේ ආදරය සහ ගෞරවය දිනාගත් දෙපළක්!

සිය විවාහ ජීවිතයේ කෙතරම් බරපතල ගැටුම් ඇති වී තිබුනද සාරංග අද සිය ෆේස්බුක් ගිණුම හරහා උමාලිගෙන් කල ඉල්ලීම ඔහු තවමත් උමාලිට කෙතරම් ආදරය කරන්නේද යන්න තහවුරු කරනවා.

උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ඔබේ ආදරය නම් සංගීත රූප රචනය මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට මුදා හැරුණු අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් “මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…” යනුවෙන් වූ ගීතයෙම කොටසක් සටහනක් ලෙස යොදා තිබෙනවා.

උමාලි සාරංග සමඟ ජීවත්වීම කෙතරම් ප්‍රතික්ෂේප කලද ඔහු තවමත් උමාලිට දැඩිව ආදරය කරන බව ඔහුට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කලා.

පවුල් ජීවිතයේ ප්‍රශ්ණ පැමිණිම්ම සාමාන්‍ය බවත්, ඒවා සාකච්ජාවෙන් විසඳාගත යුතු බවත් ඔහු මීට දින කිහිපයකට පෙර මාධ්‍යට ප්‍රකාශ කලා.

සාරංගගේ ෆේස්බුක් පණිවිඩය පහතින් දැක්වේ.


No comments

Powered by Blogger.