Header Ads

පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් ....සැකකරුගේ බිරිඳගේ ‘කාලි දිෂ්ටි’ මායම (වීඩියෝ)

කුඩාවැව  පදිංචි පුද්ගලයෙකු කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස  පවත්වාගෙන ගිය   පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් හෙළි කරගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැටලීමක් ක්‍රියාත්මක කළේ ලද තොරතුරකට අනුවයි.

කුවේට් රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල්  50,000ක් සමඟ තමන් හමුවීමට නිවසට පැමිණෙන ලෙස සැකකරු උපාය දූතයාට දන්වා තිබෙනවා. ඒ අනුවයි වැටලීම ක්‍රියාත්මක කළේ.

වැටලීම අතරතුර සැකකරුගේ බිරිඳ ‘කාලි දිෂ්ටියෙන්’ නිලධාරීන් මෙල්ල කිරීමට උත්සහගෙන තිබූ අයුරුද වීඩියෝවේ සටහන්ව තිබෙනවා. එය සැකකරු බේරාගැනීමට කාන්තාව යෙදූ මායමක් බවයි පැවසෙන්නේ.





No comments

Powered by Blogger.