Header Ads

විමල් වීරවංශ සම්න්ධබයෙන් මහින්ද රාජපක්ෂ ගහන ඩබල් ගේම මෙන්න..

මෙම ලිපිය ලියන්නේ විමල්ගේත් මහින්දගේත් කඳවුරුවල යම් තැනක සිට සියල්ල දකින සමබර පුද්ගලයෙක් ලෙස ඔබට කිව යුතුය.

විමල් සිරගත කොට දින හැත්තෑපහක් ගෙවී ගොසිනි. වත්මන් ආණ්ඩුව පැමිණි දා සිට විවිධ පැමිණිලි තුලින් පොදු දේපල පණත යටතේ අත් අඩංගුවට ගත් පිරිස බොහෝය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ශ, යෝශිත රාජපක්ශ, බැසිල් රාජපක්ශ, මහින්දානන්ද අලුත්ගමගේ, රොහාන් වැලිවිට ආදී සෑහෙන පිරිසක් මොවුන් විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇප පිට මුදා හැර ඇත. විමල් සම්භන්ධයෙන් මතු වූ විශේෂ කරුණක් කැපී පෙණින. ඒ යම් තීරණ ගැනීම අධිකරණය විසින් කල් දැමීමය. පළමු දිනයේ මහේස්ත්‍රාත් තීරණය සති දෙකකට කල් දැමීය. ඊට එරෙහිව මහාධිකරණයේ දැමූ අභියාචනයේ තීන්දුව දීම නැවත සති දෙකකට කල් දැමීය. අවසන් මෝසම දැමූ දිනයේ එහි තීන්දුව ලබා දීම ඊලග නඩු දිනය වන අප්‍රේල් තුන්වනදා දක්වා කල් දැමීය. මේ තුල අධිකරණය සම්භන්ධයෙන් රටේ මහ ජනයා තුලම යම් විචිකිච්චාවක් ඇති වෙමින් තිබේ. තීන්දුව දීමට පමා වීම නිසා ම සති හයකට පමණ විමල් බන්ධනාගාර ගතව සිටී.

ඉහත නම් සදහන් සියළු දෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත විය. මහින්ද ඔවුන් හැම දෙනාවම බලන්න ගියේය. විමල්වද බලන්න ගියේය. විමල්ට නිකම් හිද පුරුදු නැත. ඔහුගේ අරගලයට තැනක් නොතැනක් නැත. වෙලාවක් අවේලාවක් නැත. මහ පාරද, වේදිකාවද, හිර ගෙදරද කියා වෙනසක් නැත. හිර ගෙදර සිට ආණ්ඩුවට විරුද්ධව උපවාස කරන්නට තීරණය කලේය. ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවේදී ඔහු තම තීරණය ඒකාබද්ධ විපක්ශයට දැන් වූයේය. නමුත් සියල්ල එක හඬින් කියා සිටියේ එසේ නොකරන ලෙසය. මහින්දද එසේ නොකරන ලෙස විමල්ට දන්වා සිටිය බව මම දනිමි.

මහින්ද කතානායකවරයා හමුවිය. මේ පිළිබඳව සාකච්චා කලේය. විමල් කිසිවක් ඇසුවේ නැත. උපවාසය තමන්ට ඇප ලබා ගැනීම සඳහා අහිතකර බව දැන දැනම උපවාසය ඇරඹිණ. විමල්ගේ සහායට ඒකාබද්ධය පෙළ ගැසිණ. රටම බන්ධනාගාරය ලඟට ගෙන ඒමට සැරසිණ. විමල් වෙනුවෙන් අට්ටාලයක් ගසා ඒකාබද්ධ විපක්ශයේ සියළු මන්ත්‍රීවරුන් අඛණ්ඩ උපවාසයකට සියළු කටයුතු සංවිධානය කෙරිණ. මහින්ද සිය එක නියෝගයකින් එම සියළු කටයුතු අවලංගු කරන ලෙස දැන්වීය. හේතුව ලෙස ඔහු දැක්වුයේ පහත වැකි දෙකයි..

“මේ වෙලාවේ ඕක කලොත් රටේ මිනිස්සු නීතිය ගැන කළ කිරෙනවා.. අපිට වාසි වෙන්න පුළුවන්.. ඒත් නීතියේ අගය අඩු වීම රටට ලොකු හානියක්”

මේ කතාවට විරුද්ධ මතයක් කිසිවකු ලග නොවිණ. මහින්ද තම ආඩම්භරකාර පෞර්ශය අකුලා ගන්නට කටයුතු කලේය. ඊයේ ඔහු මාධ්‍ය හමුවේ කියූවේ විමල් වෙනුවෙන් ජනපති මුණ ගැසෙන්නට සූදානම් බවය. තම දේශපාලන සහෘදයා වෙනුවෙන් තමන්ගේ ආත්මාභිමානය මහින්ද ඉවතලූයේ එලෙසිනි.

සහෝදර බැම්මට, පීතෲ ප්‍රේමය, වෙනුවෙන් අකුලා නොගත් ආත්මාභිමානය මහින්ද විමල් වෙනුවෙන් අකුලා ගත්තේය. ජානිපෙ මන්ත්‍රීවරුන් ගෙන් මහින්ද ඉල්ලුවේ එක දෙයකි. ඒ,

“විමල්ව පරිස්සමින් බලා ගන්න”

නාමල්, යෝශිත, බැසිල්, ජොනී, මහින්දානන්ද ආදීන් වෙනුවෙන් හිටපු නැති මහින්ද, විමල් වෙනුවෙන් රටේ ජනතාව කුලප්පු නොකර, නීතියට හානියක් වීමට ඉඩ නොදී, තමන්ගේ ආත්මාභිමානය පස්සට දමා ඉදිරියට ආවේ එලෙසිණි.

ඉතින් එය ඩබල් ගේමක්ම නොවේද? ඒකාධිපතියෙක් යැයි සැලකූ මිනිසෙකුගේ මානුශීය ඩබල් ගේමක් නොවේද? අප එය පිළිකුල් කල යුතුද?

තීරණය ඔබට භාරයි….

– අභීත එදිරිසිංහ FB

No comments

Powered by Blogger.