Header Ads

තරුණියන් බලෙන් රඳවාගෙන ලොකු ගණන්වලට විකුණන මහනුවර සුපිරි පොට් එක මාට්ටු වූ හැටි -

CCTV කැමරාවලින් හැමතැනම රෙකෝඩ් කරලා
කොල්ලෙක් ඇවිත් රු,60,000ටත් තරුණියක් විකුණලා

බලහත්කාරයෙන් තරුණියන් රඳවාගෙන මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය පසුගියදා සමත් වුණා. මේ සම්බන්ධයෙන් දූෂණ මර්ධන ඒකකයට තොරතරු ලැබෙන්නේ මිට සති කිහිපයකට පෙරයි.

ඒ අනුව කළ විමර්ශනයේදී මහනුවර - ප්‍රිම්රෝස් උද්‍යාන පෙදෙසේ පිහිටි තෙමහල් නිවසක් තුළ මෙම ජාවාරම සිදුකරන අන්දම අනාවරණය කරගනු ලැබුවා.මෙම ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි තරුණියන් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට එහි අභ්‍යන්තර කාමර පරීක්ෂා කිරීමේදී හැකියාව ලැබී තිබෙනවා.


එහිදී තරුණියක් මෙම ඡාවාරමට නොදැනුවත්වම සම්බන්ධ වූ අයුරු පැවසුවේ මේ ආකාරයෙන්..

ඉස්සෙල්ලාම යාළුවෙලා හිටපු කොල්ලා කුෂාන් එයා පාටියකට යමු කිව්වා, උදේ 11.30 ට වගේ ආවේ,
- 4 වෙනි කාමරයට ගෙනිච්චා, එකේ පාටි එකක් තිබ්බේ නෑ, මට බය හිතුනා, එයා ගියා උඩට, පැයක් විතර බැලුවා ආවේ නෑ, මම එතන හිටපු අයගෙන් ඇහුවා, මාව රුපියල් 60,000 කට විකුණලා කියලා කිව්වා, යන්න දෙන්නැතිව අවුරුද්දක් තියන් හිටියා, මට පැනලා යන්න විදිහක් තිබුණේ නෑ
සූක්ෂම උපක්‍රම භාවිතා කරමින් කාන්තාවන් මුදලට අලෙවි කරනා මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතයි. ආරක්ෂිත කැමරා 7 ක් මඟින් පැමිණෙන ගණුදෙණුකරුවන් නීරීක්ෂණය කරනවා.

පළමු මහලට හා තෙවන මහලට සැමවිටම ආරක්ෂක රැකවලුන් යොදවා සිටින අතර, තරුණියන් රඳවා තබන්නේ දෙවන මහලේ කාමර තුළයි.
පැමිණෙන ගණුදෙනුකරු පිළිබඳව ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂනය කරන ජාවාරම්කරුවන් සැකහැර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට දෙවන මහලට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙනවා.

ඉන් අනතුරුව, දෙවන මහලේ රඳවා සිටිනා තරුණියන් ගණුදෙණුකරුවන්ට ප්‍රදර්ශනය කර කැමති අයෙකු  තෝරා ගැනීමට ඉඩ සලසනවා. ජාවාරම්කරුවන්ගේ සියලු ආරක්ෂිත උපක්‍රම පරදා වළාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් ඊයේ මෙම ස්ථානය වටලනු ලැබුවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.....

No comments

Powered by Blogger.